බාල වයස්කාර දැරියක් දූෂණය කිරීමට අවස්ථාව ලබාදුන් බව කියන ලැගුම්හල් හිමියෙකු අත්අඩංගුවට ගෙන ඇති හලාවත පොලීසිය එම දැරිවිය දූෂණය කර පලාගොස් ඇති බව කියන සැකකරුව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
අතවරයට ලක්ව ඇත්තේ ආණමඩුව - දකුණු පාලියාගම පදිංචි වයස අවුරුදු 14යි මාස 06ක් වන දැරිවියකි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත - පුත්තලම පාරේ පවත්වාගෙන යන ලැඟුම්හලක හිමිකරුවෙකුවය.
පසුගිය 09 වැනිදා රාත්‍රී 9.00 ත් 10 වැනිදා අලුයම 4.30ත් අතර කාලය තුළ හලාවත - පුත්තලම පාරේ පිහිටි ලැගුම්හලකදී මෙම අපරාධය සිදු වී ඇති බව විමර්ශන කටයුතු සිදු කරන නිලධාරීහු පවසති.
අතවරයට පත්ව ඇති දැරිවිය ආණමඩුව - දකුණු පාලියාගම පදිංචිව සිටි අයෙකි.ඇයගේ මව්පියන් විසින් තම දියණියව කොළඹ, ඔබේසේකර පුර ප්‍රදේශයේ පදිංචි පවුලකට හදා වඩා ගැනීමට භාර දී ඇති නමුත් එම නිවසේ විසීිමට නොහැකි බව පවසමින් දැරිය පසුගිය දිනක ආපසු තම මව්පියන් සොයා ආණමඩුවට
පැමිණ ඇත.
නමුත් තමන්ගේ පවතින ආර්ථික තත්ත්වය නිසා ආපසු ඔබේසේකරපුර නිවසට යන ලෙස මව්පියන් දැරියට පවසා තිබේ. ඒ අනුව පසුගිය 09 වැනිදා ආණමඩුවේ සිට හලාවතට පැමිණ ඇති දැරිය කොළඹ බලා බස් රථයකින් පිටත් වී ඇත.
බස් රථයේ ගමන් කරමින් සිටි අයෙකු ඇයගේ විස්තර විමසා මිතුරු වී ආපසු හලාවත දක්වා කැඳවාගෙන විත් ඇත.
එදින රාත්‍රී 9.00ට පමණ දැරියව ලැගුම් හලට කැඳවාගෙන ගොස් ඇති එම පුද්ගලයා පසුදින එනම් 10 වැනිදින අලුයම 4.30 වනතුරු එහි ගතකර ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.
සැකකරු ලැගම්හලේදී තමාගේ අකමැත්තෙන් සිව්වරක් තමන්ව දූෂණය කළ බව දැරිය පොලීසිය හමුවේ පවසා ඇත.
බාලවයස්කාර දැරියක් හා රැයක් පහන් කිරීමට පුද්ගලයෙකුට අවසර ලබා දීම සහ එම පුද්ගලයාගේ තොරතුරු සන්තකයේ තබා නොගැනීම යන චෝදනා යටතේ ලැගුම්හල් හිමියා අත්අඩංගුවට ගෙන තිබේ. අතවර කර පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු සිදුකරන බව පොලීසිය කියයි.
අතවරයට පත්ව ඇති දැරිය වෛද්‍යය පරීක්ෂණයක් සඳහා හලාවත මහරෝහලට ඇතුළත් කර ඇත.
හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
-ජූඩ් සමන්ත_ලක්බිම

Share this
|
|
0 Comment to "14 දැරිය රෑ ලැගුම් හලකට ගෙන ගොස් අලුයම 4.30 වනතුරු සිව්වරක් දූෂණය කරළා"
Post a Comment