25 January, 2017

වෑන් රථය ලිස්සාවිත් කාන්තාවක් යටකරගෙන යයි

women-accident-hatton

නුවරඑළියේ සිට කොළඹ දක්වා අධික වේගයෙන් ධාවනය වු ඩොල්ෆින් වෑන් රථයක් ලිස්සා ගොස් ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් කාන්තාවක් යටකරගෙන ගොස් කන්දක හැපීමෙන් ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් කාන්තාව මියගොස් ඇති බව හැටන් පොලිසිය පවසනවා.

ඊයේ (24) පස්වරු 5.00 ට පමණ මෙම අනතුර සිදුවිි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන් තේ කර්මාන්ත ශාලාව අසලදීය.


මියගිය කාන්තාව හැටන් කුයිල්වත්ත ප්‍රදේශයේ පදිංචි එමි. කටිටායි නැමැති දෙදරු මවක් බවත් ඇය ෂැනන් තේ කර්මාන්ත ශාලාවේ සේවය කර නිවසට යන අවස්ථාවේ මෙම වෑන් රථයට යටවී ඇති බවයි පොලිසිය පවසන්නේ.

මියගිය කාන්තාවගේ සිරුර මේ වන විට වටවල රෝහලේ තැන්පත් කර ඇති අතර රියදුරා හැටන් පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ්‍

හැටන් ප්‍රදේශයට ඇදහැළුනු වර්ෂාවත් සමග අධික වේගයෙන් ධාවනය වු වෑන් රථය ලිස්සා ගොස් මෙම අනතුර සිදුවි ඇති බවයි අනතුර පිළිබදව පරික‍ෂණ පවත්වන හැටන් පොලිසිය පවසන්නේ.

-හැටන් රන්ජිත්_ඒශියන්මිරර්-

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "වෑන් රථය ලිස්සාවිත් කාන්තාවක් යටකරගෙන යයි"

    Post a Comment