22 January, 2017

කරදරකාරයන්ව දුටු තැන අල්ලනු – තාරුකා වන්නිආරච්චි

tharuka-wanniarachchi-article

මෑත කාලයේ කලාවට පායපු ලස්සනම තරුවක් හැටියට තාරුකා වන්නිආරච්චි විස්තර කරන්න පුළුවන්. ඇය සමග කළ ලස්සනම කතා බහකට මේ ඉඩ වෙන් කෙරෙනවා.

තාරුකා කොහොමද වාසදේස?
සතුටින් ඉන්නවා. රංගනයේ ‍පොඩි පසුබෑමක් තියෙනවා. මොකද මේ දවස්වල වැඩිපුර කරන්නේ නැටුම් වැඩ නිසා ඒත් ළඟදීම ආපහු රඟපෑම් පටන් ගන්නවා.

ජනප්‍රියත්වයත් එක්ක ඉස්සර තිබුණු නිදහස නැතිවෙලා කියලා හිතෙන්නේ නැද්ද?
නැහැ. මම ජීවත්වෙන්නෙත් ජනප්‍රියත්වය ඔළුවට අරගෙන නමෛයි. මට තාම පාරේ බස්වල ගමන්බිමන් යන්න පුළුවන්. සාමාන්‍ය විදියට පාර දිගේ ඇවිදගෙන යන්න පුළුවන්

මගතොටේදී ලැබෙන ප්‍රතිචාර කරදරයක් නමෛයිද?
කරදරයක් නම් නමෛයි. මම කැමතියි මිනිස්සු මා එක්ක කතා කරනවට. හැබැයි ඉතිං සමහර වෙලාවට අරුමයක් දැක්කා වගේ පුදුමෙන් මගේ දිහා බලද්දී නම් මට ටිකක් ලැජ්ජා හිතෙනවා. ඒත් මම කවදාවත් ප්‍රතිචාර නම් කරදයක් කියලා හිතන්නේ නැහැ.

තාරුකා කොහොමද ලස්සනට ඉන්නේ?
මම ටිකක් වැඩිපුර එළවළු, පලතුරු කනවා. මේ දවස්වල නම් නර්තනයට ශක්තිය ටිකක් වැඩිපුර වැය වෙන නිසා ‍පෝෂණය ගැන හිතලා ගුණ කෑම කනවා. වැඩිපුර වතුර බොනවා.

ඒ කියන්නේ තාරුකා කිසිම කෘත්‍රිම ආ‍ලේපනයක් පාවිච්චි කරන්නෙ නැහැ කියන එකද?
අනේ මම එහෙම කියන්නෙ නැහැ. ආ‍ලේපන ගානවා. උපතින් යම්කිසි දෙයක් ලැබිලා තියෙනවානම්, ඒ දෙය වැඩිපුර ලස්සන කරගන්න මහන්සි වෙනවා නමුත් ෆේෂල්, ක්ලිනප් නම් කරනවා හුඟක්ම අඩුයි”

රූපලාවණ්‍ය නිෂ්පාදනයක් තෝරාගනිද්දී මොන දේවල් ගැනද සැලකිලිමත් වෙන්නේ?
ප්‍රධානම දේ ඒකෙ අන්තර්ගත වෙලා තියෙන්නේ මොනවද කියන එක. ඒ දෙය ස්වභාවික ද්‍රව්‍යයක් නම් මම හුඟක් කැමතියි. ඒ වගේම හොඳ ප්‍රමිතියක් තියෙන නිෂ්පාදන විතරයි මම තෝරාගන්නෙ.

මාසෙකට කී වතාවක් සැලෝන් යනවද?
සැලොන් යනවා හරි අඩුයි. මගේ මේකප් එක හුඟාක් වෙලාවට කරගන්නේ මම. උත්සව සහ ෆොටෝ ෂුට් තියෙනකොට මමම තනියම හැඩවෙලා යනවා.

මේකප් එකකදී තාරුකා වැඩිපුරම සැලකිලිමත් වෙන්නෙ මොකක් ගැනද?
ඇස් දෙක ගැන. ඒකෙන් ඕනම කෙනෙකුව ගොඩක් ලස්සන කරවන්න පුළුවන්. ඒ වගේම මම තොල්වල ගාන ලිප්ස්ටික් එකේ පාට ගැනත් හුඟක් හිතනවා.

එහෙනම් තාරුකාගේ ගෙදර ලොකු ලිප්ස්ටික් එකතුවක් ඇති?
ඔව්. පාට ගොඩාක් තියෙනවා. හැබැයි ඉතිං මෙහෙම දේකුත් තියෙනවා. මොකක් හරි පාටක් තොල්වලට ලස්සනයි කියලා හිතුණොත් මම ඒ දවස් ටිකේම දිගටම ආ‍ලේප කරන්නෙ ඒ පාටම තමයි.

මේකප් බඩු එකතු කිරීම විනෝදාංශයක්ද?
මේකප් බඩු නමෛයි. මගේ විනෝදාංශය සුවඳ විලවුන් බෝතල් එකතු කරන එක. අපේ ගෙදර දැන් සුවඳ විලවුන් බෝතල් 73ක් තියෙනවා. සමහර ඒවා තෑගි ලැබුණු ඒවා. තව සමහර ඒවා මමම සල්ලි දීලා ගත්ත ඒවා. රට ඉන්න අක්කත් මට ඒවා එවනවා.

සුවඳ විලවුන් බෝතලයක් අරගෙන වැලන්ටයින් දවසට කරදරකාරයෙක් ආවොත්?
ආවට කමක් නෑ. තෑග්ග සතුටින් භාරගන්නවා. කරදරය පස්සෙ බේරුමක් කරගන්න බැරියැ

ජනප්‍රිය නිළියක් නිසා විලාසිතා කරද්දී තෝරගන්නෙ බ්‍රෑන්ඩඩ් ඇඳුම් විතරද?
එහෙමම නැහැ. බ්‍රෑන්ඩඩ් ඇඳුම්වලට කැමැත්තක් තියෙනවා. ඒත් ඊටත් වඩා ලස්සන, සුවපහසු ඇඳුම් සාමාන්‍ය තැන්වලත් ඕනෑතරම් දැකලා තියෙනවා. ඒ නිසා මට වැඩිපුර වැදගත් වෙන්නේ ඇඳුම මිසක් බ්‍රෑන්ඩ් එක නමෛයි.

තාරුකා සමාජ මාධ්‍යයේ නිතර ගැවසෙන කෙනෙක්ද?
මම ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් කියන ඒවා පාවිච්චි කරනවා. ලොකුවට ඒවාට ඇබ්බැහි වෙලා නැහැ.

තාරුකාගේ නමින් ෆේස්බුක් ගිණුම් කීයක් මේ වෙනකොට තියෙනවද?
ඇත්තටම ගිණුම් නම් එකයි තියෙන්නේ. මගේ නමින් මීට ටික කාලෙකට කලින් ගිණුම් කීපයක් තිබුණා. ඒවා ව්‍යාජ ඒවා. යාළුවො එක්ක එකතුවෙලා ඒ ගිණුම් ඔක්කොම රි‍පෝට් කරලා අවලංගු කරලා දැම්මා.

කරදරකාරයන්ව දුටු තැන අල්ලනු කියන නියමයෙන් තමයි මම ෆේස්බුක් එක පාවිච්චි කරන්නෙ.

කොහොමද මනමාලයො හොයන ව්‍යාපෘතිය?
ඒ ව්‍යාපෘතිය මේ වෙනකල් කරගෙන ගියේ අපේ අම්මා. දැන් අම්මාගෙ සහායට අපේ නැදෑ පරම්පරාවක් එකතු වෙලා තියෙනවා. හැබැයි ඉතිං මගේ හඳහනේ තියෙනවා දැන්ම විවාහයක් කරන්න සුදුසු නෑ කියලා. අම්මා හඳහන විශ්වාස කරනවා. ඒ නිසා විවාහය ගැන තාම ලොකු බලකිරීමක් නෑ.

සඳමාලි වර්ණසූරිය_රිවිර
ඡුායාරූප: චමිල කරුණාරත්න

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කරදරකාරයන්ව දුටු තැන අල්ලනු – තාරුකා වන්නිආරච්චි"

    Post a Comment