22 January, 2017

“ආබාධිත නංගිලා හොඳ කර ගන්න මට ඉගෙන ගන්න උදවු කරන්න” දන්ත වෛද්‍යවරියක වීම අත්හල අක්කා

disabled-childrent-aluthgama

අළුත්ගම බොන්දුපිටිය දර්ගා නගරයෙහි වාසයක කරන මේ දරුවන්ට සිය පිය රැකවරණය මිට වසර 11කට පෙර අහිමි වී තිබෙනවා.

මෙම දරුවන් සමග ජිවිතය රැකගනිමින් වැඩිමහල් දියණියට අධ්‍යාපනය ලබා දී සමාජයේ ඉහලට යැවීම මවගේ අරමුණ වී තිබෙනවා.

මෙම පවුලේ දරුවන් දෙදෙනෙක් පසුවන්නේ ආබාධිත තත්ත්වයේයි.

දුක්කදුළු රැසක් මැදින් වැඩිමහල් දියණියගේ ඉලක්කය වී ඇත්තේ වෛද්‍යවරියක වීමයි.

ඇය දන්ත වෛද්‍යවරියක වීම සඳහා උසස් පෙළින් සුදුසුකම් ලැබූවද එය අතහැර යළිත් විභාගයට පෙනී සිටීමට තීරණය කර තිබෙනවා.

ඒ දන්ත වෛද්‍යවරියකවී තම සොහොයුරියන් සුව කර ගැනීමට නොහැකි නිසයි.

ඇය තම සොහොයුරියන් දෙදෙනා සුව කරගැනීමට යලිත් ඉගෙනීම පටන් ගත්තද ආර්ථික අපහසුතා නිසා දුක්ඛිත තත්ත්වයකට පත්ව සිටිනවා.

මේ සියල්ල දුටු නියෝජ්‍ය අමාත්‍යවරයා මොවුන් වෙනුවෙන් අවශ්‍ය කරන අහාර පාන බෙහෙත් වර්ග, රෝදපුටු ලබා දුන් අතර ඇගේ අනාගතය වෙනුවෙන් යමක් කරන්නැයි ඔබෙන් ද ඉල්ලා සිටිනවා.

අමාත්‍යවරයා සිය ෆේස්බුක් පිටුවෙහි තැබූ සටහන පහතින්.
_______________________________________________________________________

ජීවිතය ජයගන්න වෙර දරණ තවත් එක් සංවේදී කතාවකට පහන්සිලක් වන්නට ඔබටයි ඇරයුම 

“ආබාධිත නංගිලා හොඳ කර ගන්න මට ඉගෙන ගන්න උදවු කරන්න”

එක මවු කුසින් මෙලොව එලිය දුටු තම සහෝදරින් දෙදෙනා වෙනුවෙන් බලපොරොත්තු හිතේ බැද සිටින මේ දියණිය සහ ඇගේ පවුල පිළිබද නියෝජ්‍ය අමත්‍යතුමන්ට අසන්නට ලැබුණේ අහබු ලෙසිණි.

අළුත්ගම බොන්දුපිටිය දර්ගා නගරයෙහි වාසයක කරන මේ දරුවන්ට සිය පිය රැකවරණය අහිමිවන්නේ මිට වසර 11කට කලින්.එදා පටන් අද දක්වාම තම දරුවන් තිදෙනා සමග ජිවිත අභියෝගයට ඇයට මුහුණ දෙන්නට වුයේ ලේසි පහසු කර්තවයක් විදිහට නම් නෙවෙයි.

ඒ අභාධිත තම දරුවන් දෙදෙනාගේ ජීවිතයත් රැකගනිමින් වැඩිමහල් දියණියට අධ්‍යාපන කඩයිමේන් විශිෂ්ඨයකු වන්නට පාර කපමින් ය.

හදිසියේ ඇය මුහුණ පාන්නට වූ අසනීප තත්වය හේතු කොට ගෙන සිය ගාමන්ට් රැකියාවද ඇයට අහිමි වන්නට වුයේ අභියෝගයෙන් පිරි ජීවිතයට දුක් කදුළු පමණක් ඉතිරි වුවා ලෙසය.

හිතේ වාරුව හයියක් කරගෙන මේ අම්මා ගැටගහගෙන යන මේ ජිවිතයේ එකම පැතුම තම දරුවන් තිදෙනා පමණි.

දුක්කදුළු සතුටු කදුළු කරන්නන්ට වෙර අදින මේ වැඩිමහල් දියණියගේ ඉලක්කය වෛද්‍ය වරයුකු වී තම සොහොයුරියන් දෙදෙනා සුව කරගැනීමය. 

මේ සියල්ල සිය ඇස් දෙකෙන් දුටු නියෝජ්‍ය අමත්‍යතුමන් සියලු වැඩ රාජකාරි අමතක කරමින් දවසම ගත කරන්නට වුයේ මොවුන් වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය කරන අහාර පාන බෙහෙත් වර්ග, රෝදපුටු ලබා දුන් නියෝජ්‍ය අමාත්‍යතුමන් මේ ඉල්ලීම ඔබගෙන් කලේ ඔවුනට දෙපයින් නැගීසිටීමට කිසිදු හවු හරනක්නොමැති නිසාය. 

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අවැසි වෙලාවට එය ලබාගැනීමට නොහැකි වීම, දියණියගේ අධ්‍යාපනය සාර්ථක කරගැනීමට අවශ්‍ය පහසුකම් නොමැති වීම යන මානුෂික හේතුන්ගෙන් ඔවුන්ගේ ජීවිතය ජයගැනීමට ඔබත් දායක වන්න.

දුරකථන 0713758650 
ලිපිනය "ජයන්ති" බොන්දුපිටිය දර්ගානගරය ,අළුත්ගම 
ගිණුම් අංකය 084 -2-001-9-0004190 ,මහජන බැංකුව අළුත්ගම ශාඛාව ,නම -දිස්නා දිල්රුක්ෂි ෆනෑන්ඩු
අමතන්න නියෝජ්‍ය අමාත්‍යතුමන් -0775510520 
කාර්යාලය -0342245177
_______________________________________________________________________

ඔබේ කාලය මදක් වැය කර පහතින් ඇගේ හඬ අසන්න.. ඇය කතාකරන්නේ ඔබටයි.


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "“ආබාධිත නංගිලා හොඳ කර ගන්න මට ඉගෙන ගන්න උදවු කරන්න” දන්ත වෛද්‍යවරියක වීම අත්හල අක්කා"

    Post a Comment