ජත්‍යන්තර නෞකාවන්හි ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට වගකීමක් ඇති බවත්, එම වගකීම ඉටුකරන්නේ නාවික හමුදාව බවත් පවසන නාවික හමුදාපතිවරයා, මුහුදු කොල්කරුවන්ගෙන් හෝ කඩාකප්පලකාරි පිරිසකගෙන් නැව් මුදවාගැනීමේදී නාවික හමුදාවේ හැසිරීම වෙනස්බව පෙන්වා දෙනවා.
නාවික හමුදාව එකවරම වරායට කඩානොවැදුනු බව පවසන හෙතෙම අවධාරණය කරන්නේ සිදුවීමට පෙර දින අදාල නෞකාවන් ග්‍රහණයෙන් මුදවන ලෙස විරෝධතාකරුවන්ට නාවික
හමුදාව දැනුම්දුන් බවයි.
පහරකෑමට ලක්වූබව කියන මාධ්‍යවේදියා ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නේනම් තමා ඊට නොපැකිළව ඉදිරිපත්වනබවද නාවික හමුදාපතිවරයා පවසනවා.
පහරකෑමට ලක්වූබව කියන මාධ්‍යවේදියා ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නේනම් තමා ඊට නොපැකිළව ඉදිරිපත්වනබවද නාවික හමුදාපතිවරයා පවසනවා.
උද්ගතවූ තත්වය සම්බන්ධයෙන් මෙතෙක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය නොවු වීඩියෝපට ඇතැයිද, නීතිය ඉදිරියේදී ඒවා ඉදිරිපත් කර අදාල අවස්ථාවේ සිදුවූ සත්‍ය තත්වය පෙන්වීමට සූදානම් බවද ඔහු පවසනවා.
අදාල පරීක්ෂණ මණ්ඩලය හෙට (14) පත් කරනුලබන බවයි පැවසෙන්නේ.
අදාල පරීක්ෂණ මණ්ඩලය හෙට (14) පත් කරනුලබන බවයි පැවසෙන්නේ.

Share this
|
|
0 Comment to "නාවික හමුදාපති ඉල්ලා අස්වෙයි?"
Post a Comment