මෙම පිරිස අතර ඇය මියගිය බව අසා සියදිවිනසාගත් පුද්ගලයින්ද,ඇය මරණයට පත්වූ බව දැන ඇතිවූ කම්පනය නිසා මියගිය පුද්ගලයින්ද,ඇය රෝගාතුර වූ බව දැනගෙන මරණයට පත්වූ අයද සිටින බව වාර්තාවේ.
මෙසේ මියගිය පුද්ගලයින්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ 3 බැගින් වන්දි ලබා දීමට ජයලලිතා නායකත්වය දැරූ ඒ. අයි. ඒ. ඩී. එම්. කේ. (AIADMK) පක්ෂය තීරණ කර තිබේ.
මීට අමතරව ඇයගේ මරණය පිළිබඳ අසා කම්පනයට
පත්වී සියදිවිනසා ගැනීමට උත්සාහ කළ පුද්ගලයින්ට රුපියල් පනස් දහස බැගින් පිරිනැමීමටද ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂය තීරණ කර තිබේ.
මේ අතර ජයලලිතාගේ මරණය අසා ශෝකය දරා ගැනීමට නොහැකිව අතක ඇඟිල්ලක් කපා ගත් පුද්ගලයෙක්ද සිටින බව වාර්තාවේ.
මේ අතර ජයලලිතාව මිහිදන් කළ මරීනා වෙරළ තීරයට පැමිණි ඇයගේ පක්ෂ කි‍්‍රයාකරුවන් දහස් ගණනක් ඇයට ගෞරවය දැක්වීම වශයෙන් හිස මුඩු කරගනිමින් සිටිති.

Share this
|
|
0 Comment to "ජයලලිතාගේ වියෝවේ සොවින් 77ක් මැරුනට ලක්ෂ ගනන් තෑගි"
Post a Comment