20 July, 2016

හොලිවුඩය ජයගත් කන්ද උඩරට ළමිස්සි

2017 තිරගත වීමට නියමිත Justice League චිත්‍රපටයේ රංගනයෙන් දායක වන ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් ගැන මේ දිනවල බොහෝ දෙනා කතාබහ කරනවා.

හොලිවුඩ් super hero comic hit චිත්‍රපටයක රගපාන පළමු ශ්‍රී ලාංකියයා වන ඇය, නමින් ශලිනි පිරීස්.

ඇයගේ ගම් පළාත කන්ද උඩරට මහනුවර ප්‍රදේශය බවයි වාර්තා වන්නේ.

මේ වසර ආරම්භයේ පැවති කුසලතා පරීක්ෂනයකින් පසුව ඇයට මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායක වීමට ඉඩ සැලසුණු බව ඇය පවසනවා.

මේ වන විට එංගලන්තයේ ජීවත්වන ඇය ලංන්ඩනයේ පිහිටි Acting program and Arts and Arts Educational  පාසැලෙන් රංගනවේදී විශේෂ උපාධිය හිමිකරගෙන තිඛෙන අතර Hampstead theatre, Theatre Royal Stratford East හා Tamasha  වැනි ලොව පිළිගත් රංගන ආයතන සමග ද ඇය කටයුතු කර තිඛෙනවා.

Justice League චිත්‍රපටයේ Bio Hazard soldier (විශේෂ සුරක්ශිතාගාරයට ඇතුලු වීමට අවසර ඇති සෙබළියක්) කෙනෙකුගේ චරිතය ශලිනි විසින් නිරූපණය කරනු ලබනවා.

මෙම චිත්‍රපටය ඔබට නැරඹීමට හැකිවන්නේ 2017 වසරේදීය.
















Hollywood Conquered The Kandy Girl

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "හොලිවුඩය ජයගත් කන්ද උඩරට ළමිස්සි"

    Post a Comment