18 June, 2016

ක්‍රිකට් තරුවක් බිරිඳ එක්ක කැළේ ගිහිං ගහපු ෆොටෝ නිසා අමාරුවේ

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා තම ඉන්ස්ටග්‍රම් ගිණුමෙහි පළ කළ ඡායාරූප කිහිපයකට පසු ඒ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට එරට වනජීවී නිලධාරීන් තීරණය කොට තිඛෙනවා.

ජඩේජා තම බිරිඳත් සමග ගුජරාට්හි ලගිර්ල ජාතික වනෝද්‍යානයේ සෆාරි චාරිකාවක් යන අතරතුර දී ලබාගත් ඡායාරූප කිහිපයක් මෙසේ ආන්දෝලනයට තුඩු දී ඇති බව යි වාර්තා වන්නේ.

එම වනෝද්‍යානයේ සිටින සිංහ රංචුවක් අසළ සිට ජඩේජා මෙම ඡායාරූප ලබාගෙන ඇති අතර අදාළ වනෝද්‍යානයේ සිදුකෙරෙන සෆාරි චාරිකා අතරතුර දී සෆාරි රථයෙන් බැසීම නීතියෙන් තහනම් දෙයක්.

ජඩේජා ඉන්ස්ටග්‍රම්හි පළ කළ ඡායාරූපවලින් ඔහු එම නීතිය කඩ කර ඇති බව පැහැදිලිව පෙනෙන අතර ඔහුට එරෙහිව පරීක්ෂණයක් සිදු කරන්නේ එම හේතුව නිසා යි.

ඡායාරූප පහතින්,







Raveendra Jadeja & wife in trouble due to safari trip

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ක්‍රිකට් තරුවක් බිරිඳ එක්ක කැළේ ගිහිං ගහපු ෆොටෝ නිසා අමාරුවේ"

    Post a Comment