11 August, 2017

බල්ලොත් නොකන බත් VIP ලාට කවන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


sri-lanka-cricket-stuffed-food
FilePhoto
නිමාව දුටු ශ්‍රී ලංකා - ඉන්දීය දෙවැනි ටෙස්ට් තරගයේදී ක්‍රීඩාංගණ සේවකයන්ට, ක්‍රීඩකයන්ගේ පවුල් වල ඥාතීන්දට, හා ප්‍රභූන් සඳහා ආහාර සැපයීමේදී පිළුණු වූ ආහාර ලබා දී ඇතැයි වාර්තාවේ..

තරඟ පැවැත්වණු දින හතරේදීම මෙසේ පිළුණු වූ ආහාර ලැබුණ බවත්, මේ පිළිබඳව ඉහළ ක්‍රිකට් බළධාරීන් දැනවුත් කළත් කිසිදු පිළියමක් නොලැබුණු බවත් පැමිණිළි කරවූවන් සඳහන් කර තිබේ.

ක්‍රීඩාංගණ සේවකයන් ගෙන් හා ක්‍රීඩකයන්ගේ පවුල්වල ඥාතීන්ගෙන් අදාළ පිළුණු වූ ආහාර සම්බන්ධයෙන් වැඩි වශයෙන් පැමිණිලි ලැබී තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පියවර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළම ප්‍රධානියා කටයුතු කර ඇතත් අදිසි හස්තයක් ක්‍රියාත්මකවීමෙන් එම ක්‍රියාමාර්ග ව්‍යර්ථව ඇතැයි වාර්තාවේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය අංශයට සම්බන්ධ ඉහළ නිලධාරියෙකුගේ හිතවතෙක්ට මෙම ආහාර ඇණවුම් ලබාදීම හේතුවෙන් යැයි තතුදත් ආරංචි මාර්ග පවසයි. එමෙන්ම මෙම ආහාර ටෙන්ඩරය කිසිදු ටෙන්ටඩර් විමසීමකින් තොරව අදාළ හිතවතාට ලබාදී ඇති අතර පිළුණු ආහාර ලබාදීම පිළිබඳවත් අඩුම තරමින් අවවාද කිරීමටවත් බලධාරීන් කටයුතු කර නැතැයි හෙළිවේ.

මෙම ආහාර ටෙන්ඩරය සඳහා ආහාර ඇණවුම් 320ක් පමණ එක වේලකට ඇතුළත්ව ඇති අතර එහි එක් ඇණවුමක් රු. 220ක් පමණ වන බවද හෙළිවේ. එවැනි ආහාරවේල් 03ක් එක් දවසකට ලබාදෙන අතර දින 04ක් එම ආහාර වේල් 03 බැගින් අදාළ හිතවත් සමාගමෙන් ලබාදී තිබුණි.

මේ ශ්‍රීලංකා ක්‍රිකට් නාමයට අපකීර්තියක් ගෙනදුන් මෑත කාලයේ සිදුවූ දෙවන සිදුවීමයි.

සිම්බාබ්බේ ක්‍රිකට් කණ්ඩායම අතර නිමාවූ තරඟාවලියේදීද ශ්‍රී ලංකා ක්‍රිකට් නාමයට අපකිරීතියක් ලබාදුන් මෙවැනිම සිදුවීමක් වාර්තා වූ අතර එහිදී ක්‍රීඩාංගණ සේවකයන් සඳහා වැටුප් ලබා දිමට පෙර ඔවුන්ගේ කලිසම් නැවත ලබා ගැනීමට බළධාරීන් කටයුතු කර තිබිණ.

සබැඳි - කලිසම් නැතිව ගෙදර ගිය සුරියවැව ක්‍රිඩාංගනයේ සේවකයෝ

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බල්ලොත් නොකන බත් VIP ලාට කවන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය"

    Post a Comment