11 August, 2017

"ප්‍රසිද්ධිය ගැන හිතලා ලංකාවේ සමහර ගැහැණු අය ඇඳුම් ගලවලා ගැහැණුකම විකුණනවා.." - පියුමි බොතේජු

piyumi-botheju
පියුමි බොතේජු

"ඒ ලේබලය යටතේ නිර්මාණයකට ආරාධනා ලැබිලා නැහැ .."

"ඒ වචන ටික හරිම සංවේදියි.."

පියුමි බොතේජු කියන්නේ රංඟන ක්ෂේත්‍රයේ පුංචි තිරය, වේදිකාව වගේම රිදී තිරය රංගනයෙන් වර්ණවත් කළ රංගන ශිල්පිණියක්. දැන් ඉදහිට නිර්මාණවලින් දැකගන්න ලැබුණත් තවමත් ඇය ජනප්‍රිය නිළියක්. 09දා ඇයට විශේෂ දවසක්. ඇගේ උපන් දිනයට ඇය විශේෂ පිරිසක් එක්ක එකතු වෙනවා. ඒ නිසා ඇයත් එක්ක ඒ ගැන වගේම ඇගේ අලුත් තොරතුරු ගැන හිරු ගොසිප් කතා කරන්න හිතුවා. මේ ඒ ගැනයි.


09දා පියුමිගේ උපන් දිනය. විශේෂ අවස්ථාවකට සම්බන්ධ වුණා කියලා ආරංචියි..?

ඔව්. මම අවුරුදු හතරක ඉදලා මේ විශේෂ වැඩකටයුත්තට සම්බන්ධ වෙනවා. උපන්දිනයට ලොකු උත්සවයක් පවත්වන්නේ නැහැ. මාදිවෙන පැත්තේ තියෙන මන්දමානසික නිවාසයකට දානයක් දෙනවා. එයාලා කැමති කෑම බීම දීලා. ඇදුමක් අරන්දෙනවා හැමෝටම. ඒ අය සින්දු අහන්න ආසයි. ඒ නිසා සංගීත කණ්ඩායමක් එක්ක ඒ අයට විනෝද වෙන්න අවස්ථාව දුන්නා.හැමෝම උපන්දිනයට තෑගී බලාපොරොත්තු වෙනවා. මම කරන්නේ අනිත් අයට තෑගී දෙන එක. උදේ ඉදලා හවස්වෙනතුරු ඒ අයත් එක්ක ගත කරලා ගෙදර ආවට පස්සේ පුදුම සතුටක් දැනෙන්නේ.

බොහෝ ජනප්‍රිය අය රැල්ලට උපන්දිනය සමරන්නේ. ඔබත් මෙවන් දෙයක් කරේ රැල්ලටද..?

මම හැම අවුරුද්දෙම ළමා නිවාසයකට දානේ දුන්නේ. ඒ ළමයි සාමාන්‍යයි. මොන දේවල් කරත් ඒ අයට විශේෂයක් නැහැ. මේ දේ මම කරන්න පටන් ගත්තේ ඊට පස්සේ. අහම්බෙන් දැක්කේ. ගිහින් ඒ වටපිටාව දැක්කම පුදුම දුකක් දැනෙන්නේ. ඒ අයට අපිව විශේෂයි. ඒ නිසා මම ඒ දේට යොමු වුණේ. ඒ නිවසට දානයක් දීලා එන්න ලෑස්ති වෙනකොට අක්කේ ආයෙත් එන්න කියන ඉල්ලීම කරනවා. ඒ වචන ටික හරිම සංවේදියි. ඒ අයව උපරිමයෙන් සතුටු කරලා ආවට පස්සේ මටත් සතුටුයි. ඒ නිසයි මම මේ වගේ දෙයක් කරන්නේ. අනිත් එක දැන් ඉන්න මිනිස්සු සමහරක් මුලිච්චාවට හිනා වෙන්නේ කතා කරන්නේ. මේ නිවාසයේ ඉන්න අය බොරුවට හිනා වෙන්නේ නැහැ. අදහස් ප්‍රකාශ කරන්නේ අවංකව.

පියුමිව වැඩිය දකින්න ලැබෙන්නේ නැහැ. නිර්මාණ වලට දායක වෙන්නේ අඩුවෙන්ද..?

මේ දවස්වල නිර්මාණ කිහිපයක් එක්ක සම්බන්ධ වුණා. හැමදාම වගේ මට ඕන මට ප්‍රේක්ෂකයින් ආදරේ කරන චරිත කරන්නයි. ඒ නිසා තෝරාගත් නිර්මාණවලට සම්බන්ධ වෙනවා. ෆිල්ම් දෙකකටත් සම්බන්ධ වුණා. ඒවත් විකාශය වෙයි.

විවාහයෙන් පස්සේ බිරිද කියන බැදීමට කෘතගුණ සලකන්නද තෝරාගත් චරිත වලට සම්බන්ධ වෙන්න ස්වයං වාරණ දාගෙන ඉන්නේ..?

මම නිතරම තෝරාගත් චරිත වලට සම්බන්ධ වුණේ. නමුත් නිලියක් කලාකාරිනියක් කියන චරිතයේදී විවිධ චරිත කරන්න පුළුවන්කම තියෙන්න ඕන. නමුත් මට අයියලා තුන්දෙනෙක් ඉන්නවා. මගේ අම්මා ගුරුවරියක්. තාත්තා මුල්‍ය ආයතනයක වැඩ කළ කෙනෙක්. මේ වගේ වටපිටාවක හා මගේ සැමියා ගැනත් හිතලා මම හොද චරිත හරහා ප්‍රේක්ෂකයින් අතරට එන්න ඕන කියන අදහසේ ඉන්නේ.

පියුමිට වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ නිර්මාණය වන චිත්‍රපටයකට ආරාධනා ලැබුණොත්..?

මුලින්ම කියන්න ඕන මේ වෙනකල් මට නම් ඒ ලේබලය යටතේ නිර්මාණයකට ආරාධනා ලැබිලා නැහැ කියන එක. ආරාධනාවක් ලැබුණත් මම සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් මම කියන්නේ නැහැ ඒ වගේ නිර්මාණ අපේ රටේ බිහි නොවිය යුතුයි කියලා. බිහි වෙන්න ඕන. ඒවා බලන අයට. කැමති අය ඉතින් ඒවායේ රගපායි.

දැන් රංගනයට පිවිසෙන බොහෝ අය ප්‍රසිද්ධිය උදෙසා කැමරාව ඉදිරියේ නිරුවත් වෙනවා. අඩනිරුවත් වෙනවා. මේ ගැන ඔබේ අදහස කොයි වගේද..?

ලංකාව කියන්නේ සාරධර්ම වලින් පිරිපුන් රටක්. නමුත් ප්‍රසිද්ධිය ගැන හිතලා ලංකාවේ ගැහැණු අය ඇදුම් ගලවලා ගැහැණුකම විකුණනවානම් ඒක හොද දෙයක් නෙමෙයි. මම දකිනවා සමහර තරුණියන් today's photo shooting කියලා විකාර විදිහට ෆොටෝස් දානවා. අපි නම් ඒ අයව කවදාවත් දැකලා නැහැ නිර්මාණවල ඉන්නවාවත්. කලාකාරිනියක් විදිහට අද කලාවට වෙන දේ ගැන මට දුකක් තියෙනවා. රංගන ක්ෂේත්‍රය බාල්දු කරන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ. (හිරු ගොසිප්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to ""ප්‍රසිද්ධිය ගැන හිතලා ලංකාවේ සමහර ගැහැණු අය ඇඳුම් ගලවලා ගැහැණුකම විකුණනවා.." - පියුමි බොතේජු"

    Post a Comment