11 July, 2017

නංගිට මරු කැඳවූ අයියාගේ සෙල්ලම (Video)

Boy pushed 2yr old girl into a lift as a prank

අවුරුදු 02ක කුඩා ගැහැණු ළමයෙකුට සිදුවූ අනතුරක් පිළිබදව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චීනයේ මහල් නිවාස සංකීර්ණයක මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වර්තා කරන්නේ.

අදාල දැරිය මහල් නිවාස සංකීර්ණයේ මහල් 18කින් පහළට වැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

එම දැරිය තම සහෝදරයා සහ තවත් ගැහැණු ළමයෙකු සමඟ නිවාස සංකීර්ණයේ විදුලි සෝපානය තුල සෙල්ලම් කරමින් සිට ඇති අතර පසුව දැරියගේ සහෝදරයා විසින් ඇය විදුලි සෝපානය තුල දමා නිවාස සංකීර්ණයේ ඉහළ මහලක් වෙත යවා ඇති බව සදහන්.

නිවාස සංකීර්ණයේ 18 වන මහලේ නතරවී ඇති විදුලි සෝපානයෙන් එළියට පැමිණි අදාල දැරිය නිවාස සංකීර්ණයේ අතරමංව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එලෙස අතරමං වූ දැරිය නිවාස සංකීර්ණයේ 18 වන මහලෙන් පහළට වැටි ඇති බවයි.

දැරිය පිළිබදව තොරතුරක් නොමැති වීම හේතුවෙන් ඒ පිළිබදව සොයා බැලූ ඇයගේ දෙමව්පියන්ට ඉහළ මහලක සිට බිමට වැටී මියගොස් සිටි අවුරුදු 02ක දැරියගේ සිරුර හමුවී තිබෙනවා.

මෙලෙස දැරිය ඉහළ මහලකින් බිමට වැටි මියයාමට හේතුව කුමක්දැයි යන්න සොයා බැලීම සදහා නිවාස සංකීර්ණයේ CCTV කැමරා පරික්ෂා කිරීමේදී දැරියට සිදුවූ දේ අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

අදාල දර්ශන පහතින්.


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නංගිට මරු කැඳවූ අයියාගේ සෙල්ලම (Video)"

    Post a Comment