
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් සාක්ෂිකරුවන් මේ 31 දා සිට කොමිසම හමුවට සාක්ෂි සඳහා කැඳවීමට පියවර ගන්නා ලෙසත්, ඉන්පසු මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සාක්ෂි ලබාදීමට කොමිසම හමුවට කැඳවන ලෙසටත් බැඳුම්කර කොමිසම නීතිඥවරුන්ට දැනුම් දුන්නා.
ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු සහ නීතිඥ චානක ද සිල්වා මහත්වරුන්ට බැඳුම්කර කොමිසම මෙම දැනුම්දීම සිදු
කළා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධිකාරි ඩබ්ලිව්. ප්‍රභාත් මහතාගෙන් ලේඛන කිහිපයක් පිළිබඳව සාක්කි ලබාගැනීම පෙරේදා සිදුවුනා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධිකාරි ඩබ්ලිව්. ප්‍රභාත් මහතාගෙන් ලේඛන කිහිපයක් පිළිබඳව සාක්කි ලබාගැනීම පෙරේදා සිදුවුනා.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතාගේ සභාපතීත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී. එස්. ජයවර්ධන සහ වී. කන්දසාමි මහත්වරුන්ගෙන් හෙබි බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි විමසීම සිදුවුනා.
ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වුනා. (Dinamina)
Share this
|
|
0 Comment to "පර්පෙචුවල් වෙනුවෙන් සාක්කි කැඳවීම 31 දා සිට"
Post a Comment