මෙවර චැම්පියන්ස් කුසලානය පැවැත්වෙන එංගලන්ත භූමියේදීම කාන්තා ලෝක ශූරතාවයද පැවැත්වීමට නියමිතය.ජුනි මස 24 වනදා ඇරඹෙන්නේ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 11 වන දිග හැරුමයි.
මෙවර ලෝක කුසලානයට සහභාහී වන ඉන්දියා කණ්ඩායම මෙහෙයවන්නේ 2004 වසරේ පළමු වරට ඉන්දීය කණ්ඩායම මෙහෙය වූ 1999 සිට ඉන්දීය කණ්ඩායම නියෝජනය කරන මිතාලි රාජ්ය.ඇය වසර 12ක් තුල මේ වනවිට ලෝක කුසලාන තරඟාවලි 3ක් නියෝජනය කර ඇත.
ඇය මේ වන විට කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතරින් වැඩිම ලකුණු ලාහීන් අතර දෙවැනි වී සිටින්නේ එංගලන්ත ක්‍රීඩිකා චාල්ස් එඩ්වඩ් ට පමණි.ඇය cricinfo සමඟ සංවාදයකට එකතු වෙමින් ලෝක කුසලාන තරඟාවලිය පිළිබඳව තම අදහස් දක්වා ඇත.
“අපිට මේ පාර ශූරතාවය දිනන්න ලැබුනොත් ඒක විප්ලවයක් වෙයි.අපිට ලෝක කුසලානය දිනන්න ලැබුනොත් අපේ කාන්තාවන් ගොඩක් ක්‍රීඩාවට නැඹුරු වෙයි.”
“අපි පහුගිය කාලේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොකු ගමනක් ඇවිත් තියනවා,පහුගිය තරගාවලි වල අපේ දක්ෂතා ගොඩක් හොඳ තැනක තිබුනා,ඒක
ඉදිරියට අරගෙන යන එක තමයි වෙන්න ඕන.”
කෙසේ වෙතත් මෙවර ලෝක කුසලානයට යන ඉන්දීය සංචිතයට වේගපන්දු යවන්නියන් ඇතුලත් වන්නේ තුන් දෙනෙක් පමණි.
“වේග පන්දු යවන්නියෝ ඉන්නේ තුන් දෙනා තමයි.ඔවුන් තුන් දෙනා පසුගිය තරඟාවලි වල හොඳටම කරලා තියනවා,හොඳ යෝගයතාවයකිනුත් ඉන්න නිසා තුන් දෙනයි ඉන්නේ කියන එක අපිට ලොකු ප්‍රශ්නයක් වෙන 1ක් නෑ.”
අවන්කයෙන්ම කියනවනම් හැම කණ්ඩායමක්ම ඔවුන්ගේ සංචිත වල අතිරේක වේගපන්දු යවන්නියෝ තියාගෙන ඉන්නවා,එත් අපේ ශක්තිය තියෙන්නේ දඟ පන්දුවත් එක්ක,අනික දඟ පන්දුවෙන් අපි දකුණු අප්‍රිකාවේදී වගේම එංගලන්තයේදීත් අනෙක් කණ්ඩායම් පාලනය කරලා තියනවා.”
ඉන්දීය කණ්ඩායම මෑත කාලයේ මුහුණ දුන් දැඩි අර්බුදයක් වුයේ ලකුණු ලබාගත හැකි කඩුලු රකින්නියක් නැති වීමයි.දැනට කඩුලු රැකීමේ නිරත වන ශුෂ්මා වරමා ජාත්‍යන්තර තරඟ 40 කට ඉන්දියාව නියෝජනය කලද ඇය ලබාගෙන ඇති වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස දැක්වෙන්නේ නොදැවී ලබාගත් ලකුණු 4කි.
කෙසේ වෙතත් ඉන්දීය නායිකාව මැදපෙළ ප්‍රහරාත්මක පිතිකාරිනියක් වන ශික්ෂා පාන්ඩේ කෙරෙහි දැඩි බලාපොරොත්තු තබාගෙන ඇත,
“පාන්ඩේ ට පුළුවන් මැදින් ඇවිත් වේගයෙන් ලකුණු රැස් කරන්න වගේම ආරම්භක පන්දු යවන්නියක් විදියටත් වැඩ කරන්න.මේ අලුත් සහ ප්‍රවීණ ක්‍රීඩිකාවෝ එක්ක මේ ලෝක කුසලනේදී හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි කියල මම හිතනවා.” (cricketlanka)

Share this
|
|
0 Comment to "“ඉන්දියාව ශූරතාව දිනුවොත් ඒක විප්ලවයක් “- ඉන්දියා ක්‍රිකට් නායිකා මිතාලි රාජ්"
Post a Comment