13 June, 2017

එංගලන්තයේදී, ජීවන් යොදාගෙන සිදුකිරීමට ගිය අත්හදා බැලීම අසාර්ථක වේ

Jeevan Mendis-04

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් මේ වනවිට එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලියේ ඩර්බිශයර් කණ්ඩායම නියෝජනය කරමින් තරඟ සඳහා සහභාගී වෙමින් සිටී.

ශ්‍රී ලංකා පළමුපෙළ තරඟාවලියේ ඉහල ලකුණු ලාභියෙකු ලෙස සහ කඩුලු ලාභියෙකු ලෙස එංගලන්ත ප්‍රාන්ත තරඟාවලියට එක්වූ ජීවන්ට ප්‍රාන්ත සිව් දින තරඟාවලිය
එතරම් සුබදායක වී නැත.ඔහු ශ්‍රී ලංකාවේ පළමු පෙළ තරඟ වලදී මැදපෙළ ක්‍රීඩකයකු ලෙස දක්ෂතා දක්වන ක්‍රීඩකයෙකු වුවත් ඩර්බිශයර් බලධාරීන් ජීවන් යොදාගෙන අලුත් අත්හදා බැලීමක් සිදු කර තිබේ.

ඒ නොදම්ප්ටන්ශයර් කණ්ඩායම සමඟ පැවති තරඟයේදී ඔහු ආරම්භක පිතිකරුවකු ලෙස යොදා ගනිමිනි.කෙසේ වෙතත් මෙම අත්හදා බැලීම අසාර්ථක වෙමින් ජීවන් ඉනිම දෙකේදීම එකම පන්දු යවන්නාට එකම ආකාරයෙන් දැවී ගොස් ඇත.එසේම මෙම තරඟයේදී ජීවන් නියෝජනය කරන ඩර්බිශයර් කණ්ඩායමට දරුණු පරාජයක්ද හිමි වී ඇත. (cricketlanka)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "එංගලන්තයේදී, ජීවන් යොදාගෙන සිදුකිරීමට ගිය අත්හදා බැලීම අසාර්ථක වේ"

    Post a Comment