23 June, 2017

සංගා එංගලන්ත තේරීම් කමිටුවට? එංගලන්ත යොවුන් ක්‍රීඩකයාට කණ්ඩායමේ දොරටු විවර කරදුන් සංගාගේ කතාව !.

Kumar Sangakkara-18

හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක කුමාර සංගක්කාර යනු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රය තුල පමණක් නොව ලෝක ක්‍රිකට් ක්ෂේත්‍ර‍යෙහිම ඉහල පිළිගැනීමක් ඇති ක්‍රීඩකයෙකි. ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ විශිෂ්ඨයෙකු වන නිසාම කුමාර් සංගක්කාරට එංගලන්තයේ පූජණීය MCC ක්‍රිඩා සමාජයේ කොලින් කවුඩ්‍රී දේශනය කිරීමට පවා ආරාධනා ලැබුනු අතර ටෙස්ට් තරගවලින් සමුගැනීමත් සමගම එංගලන්තයේ විමබ්ල්ඩන් ටෙනිස් තරගාවලිය රාජකීයන්ට වෙන්වූ පීඨීකාවේ සිට නැරඹීමට හැකි තරමටම සංගක්කාරට එංගලන්තයේ පිළිගැනීමක් ඇත.

අසල්වැසි ඉන්දියාවේ චෙන්නායි නුවර ගංවතුර ආපදාවක් පැමිනි විට ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ද නිහඩව සිටි අවස්තාවේ වහාම ක්‍රියාත්මක වී ඉන්දියාවට ආධාර ලබා දීමට ඉදිරිපත් වීම නිසාද සංගාගේ කීර්ති නාමයට ජාත්‍යන්තර මාධ්‍යයෙන් විශාල ප්‍රසිද්ධියක් හිමි උනා. මේ කීර්තිනාමය නිසාම වර්තමානයේ එංගලන්තයේ සරේ කණ්ඩායමට ක්‍රිඩා කරන කුමාර් සංගක්කාරගේ අදහස් එංගලන්තය පුරාම දැඩි අවදානයට ලක්වේ.

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම පිළිබදව නිරතුරුවම අවධානයෙන් සිටිමින් සිය අදහස් දක්වන සංගා පසුගිය දිනක එංගලන්ත තරුණ ක්‍රීඩකයෙකු පිළිබඳව විශේෂයෙන් කථා කර ඇත.

එම ක්‍රීඩකයා ජේසන් රෝයි ය.ඔහු පසුගිය කාලය තුල ජාත්‍යන්තර පිටියේ තරමක අසාර්ථකභාවයක් පෙන්වූ අතර ඒ නිසා චැම්පියන්ස් කුසලානයේ එංගලන්තය පකිස්ථානය සමඟ ක්‍රීඩා කල අවසන් තරඟයේ රෝයිගේ තැනද ඔහුට අහිමි විය.

නමුත් සංගක්කාර එංගලන්ත මාධ්‍යයට පවසා ඇත්තේ ජේසන් කණ්ඩායමේ සිටිය යුතුම ක්‍රීඩකයකු බවයි.

එංගලන්ත මාධ්‍යයට අදහස් දක්වා ඇති සංගා පවසා ඇත්තේ

“මම නම් හිතන්නේ නෑ,ජේසන් කණ්ඩායමේ අසාර්ථක වුන කාලයක් තිබුන කියල,මට පුදුමයි පකිස්ථානය එක්ක තරඟයට එයා හිටියේ නැත්තේ ඇයි කියල.ඔහුට පුළුවන් එක ඉනිමකින් තරඟයක් වෙනස් කරන්න,මම ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියේ ජේසන් පකිස්ථානය එක්ක තරඟයේ ජේසන් තරඟය වෙනස් කරන ඉනිම ක්‍රීඩා කරයි කියල.”

“ජේසන් වගේ ක්‍රීඩකයෙක් ඉන්නව කියන්නේ කණ්ඩායමකට ලොකු ශක්තියක්.එයාගේ පන්දු රැකීමත් සුපිරියි.මම හිතන්නේ ඕනෑම ක්‍රීඩකයෙක්ට නරක කාලයක් තියනවා,ජේසන් වගේ ක්‍රීඩකයෙක් අතාරින්නෙ නැතුව වැරදි තියන තැන් හදාගන්න එක තමයි හොඳම දේ.”

සංගා පැවසු කථාවට ප්‍රතිචාර දැක්වීමක් ලෙස නැවතත් එංගලන්ත කණ්ඩායමේ රෝයිගේ තැන ස්ථාවර වී තිබීම විශේෂ්ත්වයකි. ජේසන් රෝයී කුමාර් සංගක්කාරගේ සරේ කණ්ඩායමම නියෝජනය කරන ක්‍රීඩකයෙකි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සංගා එංගලන්ත තේරීම් කමිටුවට? එංගලන්ත යොවුන් ක්‍රීඩකයාට කණ්ඩායමේ දොරටු විවර කරදුන් සංගාගේ කතාව !."

    Post a Comment