13 April, 2017

මගේ ජිවිතේ පළමු තැන මට, දෙවැනි තැන බතිෂට - නිතරම සතුටින් ධර්මයත් එක්ක ජිවත් වෙන්න උත්සහ ගන්නවා - නදීෂා

Nadeesha-Bathisha

නදීෂා හේමමාලි කියන්නේ නිරන්තරයෙන්ම පුවත් මවන්නියක්. හිරු මෙගාස්ටාර් වේදිකාවේද ඇගේ නර්තන හැකියාව දකින්න ලැබුනා. ඇය පවුල එක්ක අවුරුදු සමරන පළමු වතාවයි මේ. අලුත් අවුරුද්දේ අලුත් වෙන නදීෂාව හිරු ගොසිප් එක්ක කතාබහට එකතු කරගත්තා.

විවාහයත් එක්ක පළමු වතාවට පවුල කියන හැගීමෙන් අලුත් අවුරුද්ද සමරන්නේ මේ අවුරුද්දේ නේද ..?
ඔව්.බතිෂ එක්ක විවාහ වුණ නිසා මටත් ලස්සන පවුල් ජිවිතයක් ගත කරන්න ලැබුණා. හැම අවුරුද්දේම මම අලුත් අවුරුද්ද සමරුවේ තනියම. පළමු වතාවට මම පවුලක් එක්ක එකතු වෙලා සිරිත් විරිත් ඉටු කරනවා. ටිකක් මම කන්ෆියුස්.

ටෙලි නිර්මාණවලින් දකින්න නොලැබෙන්නේ ඇයි ..?
මම ටෙලි නාට්‍ය පහුගිය කාලෙම භාර ගත්තේ නැහැ. මොකද මම හිරු මෙගාස්ටාර් එක්ක කාර්යබහුල වුණ නිසා. මේ මගේ පළමු රියැලිටි වැඩසටහන.

නදීෂාගේ නර්තන හැකියාවට ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොයි වගේද ...?
සාමාන්‍ය වැඩසටහන් වලදී මම නර්තනයේ යෙදිලා තිබුණත් ප්‍රමිතියකින් යුතු වැඩසටහනකට සම්බන්ධ වුණ මුල්ම වැඩසටහන නිසා සෑහෙන්න ප්‍රතිචාර ලැබෙනවා. මගේ නර්තන හැකියාව දියුණු වුණා කියලා හිතනවා. ඒ වගේම මට නටන්න පුළුවන් කියලා ප්‍රේක්ෂකයින් හරියටම දැනගත්තේ මේ වැඩසටහනින්.

චිත්‍රපටිවලටත් සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද ..?
පළමු වතාවට මම හාස්‍ය සිනමා කෘතියකට රංගනයෙන් සම්බන්ධ වුණා.ටෙනිසන් අයියා වගේම බන්ධුල අයියා එක්ක වැඩ කරන්නේ අවුරුදු නමයකට පස්සේ. ඒ අත්දැකීම ජනතාව එක්ක මට ඉදිරියේදී බෙදා ගන්න පුළුවන්. ඒ වගේම නවක රංගන ශිල්පියෙක් වන අනුජ්ගේ නිෂ්පාදන දායකත්වයක් වන හර්ෂ උඩකන්දගේ අධ්‍යක්ෂණයක් වන රෙඩ් කියන චිත්‍රපැටියටත් මම සම්බන්ධ වුණා. දැනට එච්චරයි. ඉදිරියේදී හොඳ නිර්මාණයක් ලැබුණොත් දායක වෙනවා.

තනිකඩ කාලේට තනි තීරණ ගත්තාට රංගනයේදී දැන් සැමියාගෙන් වාරණ වැටිලා නේද ..?
බතිෂ කැමති නැහැ මම කොහොමත් රඟපානවට. මගේ ආසාවට තමයි ඔහු රගපාන්න ඉඩ දීලා තියෙන්නේ. කොහොමත් මම වැඩිය කාර්යබහුල නොවී රංගනයේ යෙදෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. රගපාන එක දැන්ම නතර කරන්නේ නැහැ.

ඉස්සර තරම් දකින්න නැති වෙද්දී නදීෂා හේමමාලි කියන නම මිනිසුන්ට අමතක වෙයි කියලා හිතෙන්නේ නැද්ද..?
මම හිතන්නේ මම ඉඳ හිටලා හෝ රඟපාන්නේ හොඳ නිර්මාණවල. ඒ චරිත අදටත් ජනතාවට මතකයි. ඉදිරියටත් මම කරන්නේ මාව මතක හිටින චරිත තමයි. මම හිතන්නේ නැහැ මට ආදරය කරන රසිකයින් මාව අමතක කරයි කියලා.

නදීෂාගේ ජිවිතේ පළමු තැන ..?
මම මගේ ජිවිතේ පළමු තැන දීලා තියෙන්නේ මට. මම සතුටින් හොදින් හිටියොත් තමයි මට බතිෂව සතුටින් තියන්න පුළුවන් වෙන්නේ. මගේ ජිවිතේ දෙවැනි තැන බතිෂ. ඊට පස්සේ තමයි රංගන ජිවිතේට මම ඉඩ දෙන්නේ.

බතිෂ කිව්වොත් රඟපැවා ඇති කියලා..?
මම හිතන්නේ නැහැ එහෙම කියයි කියලා. ඒක එදාට බලමු.

විවාහයෙන් පස්සෙවත් පවුලේ වැඩවලට මුල් තැන දෙනවද ..?
ඔව්. මම ඉස්සර නම් ගෙදර උයන්නේ එහෙම නැහැ. ඒත් මම දැන් ඒවා කරනවා. බතිෂ මගේ කෑම රසයි කියනවා. ඒ වගේම එයා පුදුම වෙනවා මම දැන් ගෙදර වැඩ කරද්දී.

නදීෂාට හැරෙන්නත් බැහැ ගොසිප් හැදෙනවා නේද ..කට කතා හැදෙද්දී දුකක් නැද්ද .. නැත්තම් නැහුණා නොදැක්කා වගේ ඉන්නවද ...?
රැකියාව රංගනය වුණාට අපිත් මිනිස්සු. මම මේ පොළොවේ පයගහලා ජිවත් වෙන කෙනෙක්. අපිටත් දුක සතුට දැනෙනවා. විවිධාකාර මිනිස්සු කතා හදයි. නමුත් අපි දන්නවා නම් ඒ ඇත්තද බොරුද කියලා ඒ ශාක්ෂිය ඇති. කවුරු මොනවා කිව්වත් මම නම් නිතරම සතුටින් ධර්මයත් එක්ක ජිවත් වෙන්න උත්සහ ගන්නවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මගේ ජිවිතේ පළමු තැන මට, දෙවැනි තැන බතිෂට - නිතරම සතුටින් ධර්මයත් එක්ක ජිවත් වෙන්න උත්සහ ගන්නවා - නදීෂා"

    Post a Comment