28 April, 2017

ගංජා ගහපු කැම්පස් කෙල්ලට 5,000ක් දඩ

drunk-women

ගංජා සුරුට්ටුවක් සන්තකයේ තබාගැනීම සහ පානය කිරීමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කළ විශ්වවිද්‍යාල සිසුවියකට කොටුව මහෙස්ත්‍රාත් අතිරේක...දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය රුපියල් පන්දහසක දඩයක් ඊයේ (27දා) නියම කළාය.

එම චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කළ ඇයගේ පෙම්වතාටද
මහෙස්ත්‍රාත්වරිය විසින් රුපියල් පන්දහසක දඩයක් නියම කෙරිණි.

විශ්වවිද්‍යාල සිසුවිය පසුගිය 21 වැනිදා කොල්ලුපිටිය හන්දියේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක් අසල තම පෙම්වතා සමඟ ගංජා සුරුට්ටුවක් පානය කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වී ඇත.

රජයේ විශ්වවිද්‍යාලයක කළමනාකරණ උපාධියක් හදාරන සිසුවියක් වන ඇය කොහුවල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

කොල්ලුපිටිය පොලිසිය විසින් චෝදනා ගොනු කර තිබිණි.

අමිල අබේරත්න (mawbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ගංජා ගහපු කැම්පස් කෙල්ලට 5,000ක් දඩ"

    Post a Comment