03 February, 2017

විදෙස් රටක නිරූපණයට හොඳ පිළිගැනීමක් තියෙනවා ලංකාවේ ඒක නෑ

dinusha-gunasekara

හැදෑරීම් සිදුකරමින් ක්‍ෂේත්‍රයට පිවිසෙන සොඳුරු රුවැත්තිය තම හැකියාවන්ගෙන් සෙමින් ඉදිරියට යාමට බලාපොරොත්තු වේ. දිනූෂා ගුණසේකර නම් වන ඇය ඇගේ ඉදිරි කටයුතු පිළිබඳව ‘සාරවිට’ මෙලෙසින් පැවසුවාය.

ඔබ ගැන හැඳින්වීමක් කළොත්?

මම දිනූෂා (දිනූ) ගුණසේකර. මගේ පදිංචිය මහරගම.

ඔබ දැනට රැකියාවක් කරනවාද?

මම දැනට නිරූපණය ගැන හදාරමින් ඉන්නේ.

ඔබ නිරූපණ ක්ෂේත්‍රයට ඇවිත් ගොඩක්කල්ද?

මම දැන් ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු එකහමාරක් විතර වෙනවා.

නිරූපණ ක්ෂේත්‍රය කියන්නේ පොඩිකාලේ ඉඳන්ම තිබුණ ආසාවක්ද?

ඔව්. මගේ තිබුණ ආසාවක්. ඒත් ඇත්තටම ආසාව තිබුණෙ රඟපාන්න.

දැනට දායක වෙලා තියෙන වැඩකටයුතු මොනවාද?

මට මියුසික් වීඩියෝ සහ ඩ්‍රාමාවලට ආරාධනා ලැබුණා. Boyfriend ගෙ ප්‍රශ්න නිසා ඒවාට දායක වෙන්න ලැබුණේ නැහැ. සමහර ඒවට සිලෙක්ට් වුණත් එයා කැමති වුණේ නැහැ මම ඒවට සම්බන්ධ වෙනවට. ඉදිරියට එහෙම වෙන්නේ නැහැ.

ඒ කියන්නේ දැන් පෙම්වතාගෙන් ඒ දේවල්වලට බාධාවක් නැද්ද?

නෑ දැන් එහෙම බාධා නැහැ. මොකද ඒ සම්බන්ධය එහෙමම නැවතුණා.

ගෙදර අයගෙන් ලැබෙන ප්‍රතිචාරය මොනවගේද?

ගෙදර අයගෙනම් ලොකු කැමැත්තක් නැහැ. මොඩලින් කරනවා කියන්නේ එකම තැනක කොටුවෙලා ඉන්න බැහැ. ඒ ඒ අවස්ථාවට ගැළපෙන Costumes අඳින්න වෙනවා. ඉතිං ඒ දේවල්වලට තමයි අකමැති. මගේ තාත්තා නැහැ. අම්මාගෙන් තමයි ටිකක් අකමැත්තක් තියෙන්නේ.

ඒ බාධාවල් එක්ක ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද ගොඩක් අය කිව්වා මට මේ දේ කරන්න බැහැ කියලා. ඉතිං ඒ දේවල් එක්ක බලනකොට මේ ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි.

ඉදිරි කටයුතු සහ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මම නිරූපණය කළත් මට රඟපාන්න ලොකු ආසාවක් තියෙනවා. මට අවස්ථාවක් ලැබුණොත් මට ගැළපෙන හොඳ නිර්මාණයක් නම් දායකවෙනවා.

සමාජය නිරූපිකාවන් දෙස බලන්නේ අමුතු විදියට. මේ තත්ත්වය ගැන ඔබ මොකද හිතන්නේ?

මගේ යාළුවෝ ගොඩක් අය ඉන්නවා විදෙස්රටවල, ඒ අය කියන්නේ එහෙත් එක්ක බැලුවම මොඩල් කෙනෙක්ගේ එහෙ තත්ත්වයි, මෙහෙ තත්ත්වයි බලපුවාම ඇත්තටම දුකයි කියලා. මොකද අපේ අය මොඩල් කෙනෙක් දිහා බලන්නේ අමුතුම විදියකට. ලංකාවේ අය සංස්කෘතිය කියනදේ ඉස්සරහට දාගෙන හිටියට එහෙම දෙයක් ඇත්තටම නැහැ.

ඔබට රංගනයට ආරාධනාවක් ලැබුණොත් ඊට දායක වීමට ඔබ ඒ පිළිබඳ හැදෑරීමක් කරලා තියෙනවාද?

නැහැ හැදෑරීමක් නම් කරලා නැහැ. මම හිතන්නෙ මට ඒ දක්ෂතාවය තියෙනවා. මට ආසාවකුත් තියෙනවා මහේන්ද්‍ර අයියාගේ පාඨමාලාවට සහභාගීවෙන්න. දැනට ඒ සඳහා කාලය වෙන්කිරීම ගැන ගැටලුවක් තමයි තියෙන්නේ.

ඔබට අතහිතදුන් මතක් කළයුතු පිරිසක් ඉන්නවාද?

නිලූ සේනානයක මතක් කළ යුතුයි. මොකද මම මුලින්ම ඉගෙනීම් කළේ ඇයගෙන්. හිරන්ත ශ්‍යාමල් අයියා, ගිහාන් දසනායක අයියා, රෝශිත රයන් ඇතුළු මට උදවු උපකාර කළ සියලු දෙනාම මතක් කරනවා.

-saaravita

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "විදෙස් රටක නිරූපණයට හොඳ පිළිගැනීමක් තියෙනවා ලංකාවේ ඒක නෑ"

    Post a Comment