යාපනය, කයිට්ස් ප්‍රදේශයේ කාන්තාවක් ඊයේ (24දා) දහවල් කිසියම් පිරිසක් දූෂණයට ලක්කොට ඝාතනය කොට ඇති බැව් පොලිසිය පවසයි.
අවුරුදු 25ක් පමණ වයසැති කාන්තාවක් වන ඥානසේකරම් හංසිකා නමැත්තිය එලෙස ඝාතනය කොට ඇති බව කයිට්ස් පොලිසිය කියයි. ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය පැවැසීය.
ප්‍රදේශවාසීන් පැවැසුවේ ගර්භණී කාන්තාවක් වන ඇය දූෂණය කොට මරාදමා ඇති
බවයි.
පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගැනීමත් සමඟ ප්‍රදේශවාසීන් සැකකරුවන්ට පහරදීමට උත්සාහ ගැනීමේදී උණුසුම් තත්ත්වයක් ඇති විය. පොලිසිය ආරක්ෂක රැකවරණ මත සැකකරුවන් බේරාගෙන ඇති බැව්ද ප්‍රදේශවාසීහු පැවැසූහ.
මේ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ පස්වරුවේ සිදු කෙරිණි.

(වවුනියාව - මාධව කුලසූරිය - මව්බිම)
Share this
|
|
0 Comment to "කයිට්ස්වල ගැබිනි කතක් සමූහ දූෂණය කර මරා දමලා"
Post a Comment