10 January, 2017

හිරුණිකා ලෙඩවෙයි - නඩුව කල් යයි

hirunika-06

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයක්, පැහැරගෙන ගොස් පහර දී, සාපරාධී ලෙස බිය ගැන්වීම සම්බන්ධයෙන් වූ නඩු විභාගය, අප්‍රේල් 26 වැනි දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (10) නියම කළා.

ඒ මේ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින, පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, රෝගී තත්වයක් නිසා රෝහල් ගතව සිටීම හේතුවෙන්.

අදාළ නඩුවේ සාක්ෂි විභාග කිරීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේ, චෝදනා සම්බන්ධයෙන් ප්‍රධාන විත්තිකාරිය උසාවිය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්, නඩු විභාගය කල් තැබීමටයි විනිසුරුවරයා තීරණය කළේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "හිරුණිකා ලෙඩවෙයි - නඩුව කල් යයි"

    Post a Comment