21 November, 2016

Facebook හරහා මෙරට සමාජ රෝග පැතිරෙන හැටි

sex-06

සමාජ රෝග පැතිරීම වැලැක්වීමේ ක්‍රියාවලියට Facebook සමාජ ජාලය ප්‍රබල බාධකයක් වී ඇති බව මානව හිමිකම් හිටපු කොමසාරිස්‌ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසා තිබෙනවා.

Facebook හරහා වර්තමාන තරුණ තරුණියන් සැණෙකින් සබඳතා ගොඩනගාගන්නා බවත් එවන් සබඳතා හරහා එකිනෙකා හමුවී ලිංගිකව එක්වීමට ස්ථාන පවා සපයන පුද්ගලයින් Facebook තුළ සිටින බවත් ඔහු පැවසුවා.

එවන් පහසුකම් සපයන සුපිරි හෝටල් ද පවතින බවත් මෙවන් ක්ෂණික සබඳතා හරහා සමාජරෝග පැතිරීමේ අවධානම ඉහළ බවත් ඔහු වැඩිදුරටත් හෙළිදරව් කළා.

ඉහත සඳහන් කළ ආකාරයේ ස්ථානවල දී හමු වී විවිධ ලිංගික අඩත්තේට්ටම්වලට ගොදුරු වී විශාල පිරිසක් සිටින බවත් ඔවුන් නීතියේ පිළිසරණ පැතීම සිදු කළත් Facebook වැනි සමාජජාලයක් හරහා සිදුවන මෙවන් අපචාරයන් වැලැක්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන පැරණි අණපනත් තුළ නොමැති බවත් ඔහු අනාවරණය කළා.

"අද අපේ රටේ තරුණ තරුණියන් සැනෙකින් දැනහඳුනාගෙන සබඳතා ගොඩනගා ගන්නවා. මේ තාක්‌ෂණික මෙවලම ඒ සඳහා උපකාර වන සුවිශේෂ මෙවලම්වලින් යුක්‌තයි. 

මේ ඔස්‌සේ දැනහඳුනා ගන්නා අය මුණගැසෙන්නට ස්‌ථාන සලසා දීමටත් මුහුණු පොතෙන් පහසුකම් සැපයෙනවා. මේ සඳහා අනුග්‍රහය දක්‌වන ඇතැම් සුපිරි හෝටලද තිබෙනවා.

මුහුණු පොත තුළින් සබඳතා ගොඩනගාගෙන ඒ ඔස්‌සේම තෝරාගන්නා ස්‌ථානයන්හිදී මුණගැසී විවිධ ලිංගික අඩන්තේට්‌ටම්වලට ගොදුරු වූ විශාල පිරිසක්‌ නීතියේ පිළිසරණ පැතුවද ෆේස්‌බුක්‌ තුළින් සිදුවන මේ අපචාරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන පැරණි අණපනත් තුළ නෑ. ඒඩ්ස්‌ ව්‍යාප්තවීම මැඬලීමට මුහුණු පොත අද ප්‍රබල බාධකයක්‌ වී හමාරයි"

_ඒශියන්මිරර්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "Facebook හරහා මෙරට සමාජ රෝග පැතිරෙන හැටි"

    Post a Comment