
මරණයට කැපව කෙනෙකුගේ බත්පත රස කිරීමට සිටි සත්වයන් මරණයෙන් ගලවා ගෙන අභයදානය ලබා දුන් පුද්ගලයෙකුගේ සංවේදි සටහනක් ෆේස්බූක් සමාජජාලා වෙබ් අඩවියෙන් අපට හමු උනා.
මේ සිදුවීම වාර්තා වන්නෙ අනුරාධපුරයෙන්. අනුරාධපුරය නගරයේ සිද්ධාස්ථාන වන්දනා කර එන අතරතුරදි මෙම තරුණයාට මාළු ලෑල්ලක් හමුව තිබෙනවා. එහි සිට මාළුන් පණ ගසමින් සිටිනු දුටු එම තරුණයා මාළුන් සියල්ල මිළට ගෙන ඔහුන් නැවත ජලයට මුදා හැර තිබෙනවා.
චමිල පතිරණ නම් එම තරුණයා ෆේස්බුක් වෙබ් අඩවියට තැබු සටහන
"අද අනුරාධපුරයේ
ගියා...ගිහින් වන්දනාකරල එද්දි මහා කුසලයක් කරගන්න අවස්තාවක් හම්බ උනා...ලෑල්ලක මාලු දගලනව,මං නැවතිලා බලද්දි ගෝනියෙ තවම පනපිටින් .මං ඔක්කොම අරගෙන වතුර බෑග් එකකට දා ගත්ත.ලෑල්ලෙ හිටිය අය කරමලේ හිල්වෙලා නිසා ජීවත් කරන්න බෑ කීවා.ගත්ත මාලු රන්චුව අපි අයියනායක දේවාලෙ ගාවට අරන් ඇවිත් නිදහස් කලා...එතන මාලු අල්ලන්නැති නිසා උන් හොදින් ජීවත්වෙයි.අනුරාධපුරේ අද කල ඖෂධ පූජව,පලතුරු පූජාව ,මල් පූජාවත් සමගින් මේ කර අභයදානය පිංකමද සතුටින් අනුමෝදන් වෙන්න යාලුවනේ" .
සිදුවීමට අදාල ඡායාරූප පහතින්.

(Neth)
සිදුවීමට අදාල ඡායාරූප පහතින්.

(Neth)
Share this
|
|
0 Comment to "" කරමලේ හිල්වෙලා නිසා ජීවත් කරන්න බෑ කීවා" අනුරාධපුරය පූජා නගරයේදී මරණයට කැපවුනු මාළුන්ට අභයදානය දුන් තරුණයාගේ කතාව.! (Photos)"
Post a Comment