22 July, 2016

පිරිමින් ලැජ්ජාවන ශුක්‍රාණු පරීක්ෂාවට ජංගම දුරකතනයෙන් විසඳුමක්

මද සරුභාවය කියන්නෙ දැන් බොහෝ කතාබහ වන මාතෘකාවක්. කෑම බීම, ජීවනරටා වල වෙනස්වීමත් එක්ක මේ තත්ත්වය දැන් වඩාත් බහුල වෙලා.
ඉස්සර කාලයේ නම් විවාහක යුවළකට දරුවන් නැති වුණොත් එය කාන්තාවගේ දුර්වලතාවක් කියල ඇය තමයි අපහසුතාවයට පත්වුණේ. හැබැයි දැන් එය වෙනස්. පිරිමියාගේ දුර්වලතාව නිසාත් දරුවන් නැතිවෙන්න පුළුවන්.

මේ පරීක්ෂණ වලදි පිරිමියා සායන වලට ආවහම තරමක් ලජ්ජාවට පත්වෙන අවස්ථාවක් තමයි ශුක්‍රාණු ලබාගැනීම.

මීට විසඳුමක් දෙන්න ජපන් විශ්ව විද්‍යාලයක් සමත් වෙලා තිඛෙනව. ඒ අපි කවුරුත් පාවිච්චි කරන ස්මාර්ට් ෆෝන් එක මගින්.

ජපානයේ Dokkyo වෛද්‍ය විශ්ව විද්යාලයේ Koshigaya රෝහලේ Yoshitomo Kobori පවසන්නෙ 'මම‍ කල්පනා කළා ස්මාට් ජංගම දුරකතනයට සම්බන්ධ කළ හැකි අන්වීක්ෂ කැමරාවක් වැඩිදියුණු කරල එය යොදාගෙන පිරිමි දරු ඵල ප්‍රශ්න දෙස බැලීම‍ හොඳ ක්‍රමයක් විය හැකියි කියල.' යනුවෙනි

මේ මගින් ගෙදරදීම ලබාගන්නා ශුක්‍ර‍ තරලයේ දර්ශන පරිගණක තිරය මතට ගෙන බැලූ විට ශුක්‍රාණු සංඛ්‍යාව හා ගමන් කරන ආකාරය ගණනය කිරීමට කෙනෙකුට පහසු වේ.

මෙම ස්මාර්ට් ජංගම දුරකතනය අන්වීක්ෂය ජපානයේ දැනටමත් වාණිජමය ලෙස ලබා ගත හැකි අතර, එය ඉතා ඉක්මනින් වෙනත් රටවල අලෙවි වනු ඇතැයි Kobori බලාපොරොත්තු වනවා.\



Mobile phone solution for Sperm test

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පිරිමින් ලැජ්ජාවන ශුක්‍රාණු පරීක්ෂාවට ජංගම දුරකතනයෙන් විසඳුමක්"

    Post a Comment